27 C
Colombo
Monday, September 9, 2024

බෝට්ටුවක් පෙරළී විදේශිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්

- Advertisement -

මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.

අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දී තිබෙනවා.

මාරවිල – කුරුස පල්ලිය ආසන්නයෙන් ඊයේ (18) සවස බිලී කොකු දමා මසුන් මැරීමට කුඩා ඩිංගි බෝට්ටුවකින් ජපන් ජාතිකයෙකු ඇතුළු 05 දෙනෙකු මුහුදට ගොස් තිබෙනවා.

ධිවර කටයුතුවල යෙදී සිටින අතරතුර ඇති වූ වැසි සහිත කාලගුණය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාවේ සහාය ඇති ව මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට...

තාවකාලික හැඳුනුම්පතක්

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

දුම්රිය ස්ථානාධිපති කුඩු ඇදලා මාට්ටු

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා. එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...