නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවි ලකුණු 237 ක් ලබා සිටියා.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 61 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 305 ක් රැස් කළ අතර, නවසීලන්ත පළමු ඉනිම ලකුණු 340 කට සීමා වුණා.
කෙසේ වෙතත් අද ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් තරගය නොපැවැත්වෙන අතර, තරගය හෙට සහ අනිද්දා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.