28 C
Colombo
Thursday, September 19, 2024

Huawei සමාගමෙන් පෙරළියක්

- Advertisement -

Huawei සමාගම විසින් සැප්තැම්බර් 10 වැනිදා සිය නව නිෂ්පාදන එලිදක්වන බව එහි පාරිභෝගික කණ්ඩායම් ප්‍රධානියා වන Richard Yu ජනප්‍රිය චීන සමාජ මාධ්‍ය ජාලාවක් වන Weibo හි ඔහු ඉඟි පල කර තිබෙනවා.

අභ්‍යන්තර වාර්තාවන්ට අනුව Huawei විසින් දෙවරක් නැමිය හැකි ලොව පළමු ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙසම ඔවුන් සිය නව විදුලි වාහනයද එදින එලිදැකිවීමට නියමිත බවද තවදුරටත් සඳහන්.

මෙම නව දුරකථනය “ට්‍රයිෆෝල්ඩ්” ලෙස හැඳින්විය හැකි අතර එය දෙවරක් නැමීමට ඉඩ සලසන සරනේරු දෙකක් ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙය සාක්කුවේ දැමිය හැකි ටැබ්ලට් වර්ගයේ පරිගනයක් ලෙස හදුන්වාදිය හැකි අතර අවුරුදු 5ක් තිස්සේ මෙය ක්‍රමයෙන් වැඩි දියුණු කරමින් පැමිණි බව Richard Yu පවසනවා

ඇපල් සමාගම විසින් iPhone 16 එලිදැක්වීමෙන් පැය කිහිපයකට පසුව Huawei සමාගම විසින් මෙම නිශ්පාදන ඉදිරිපත් කිරීම, සෘජුවම ඇපල් සමාගමට තරගයක් දීම සඳහා වන බවට විචාරකයන් පවසනවා.

Huawei විසින් සිය Mate 60 දුරකථන මාලාව මගින් චීන වෙළඳපොලේ ප්‍රබල පුනරාගමනයක් සිදුකල අතර එමගින් රටේ හොඳම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින් පස් දෙනාගෙන් ඇපල් ඉවතට තල්ලු කිරීමටද සමත්වුණා.

තවද Huawei විසින් එහි Aito M9 නම් විදුළි වාහනයේ නව අනුවාදයක් ද මෙම උලෙලෙදී එලිදැක්විය හැකි අතර, ආසන හයක් වෙනුවට එහි ආසන පහක් ඇතුළත්.

මෙම SUV රථය Huawei සහ Seres මෝටර් රථ සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් බව පැවසෙනවා.

ට්‍රයිෆෝල්ඩ් ස්මාර්ට් ජංගම දුරකථනය සහ Aito M9 වැනි නව නිෂ්පාදන දියත් කිරීම මගින් Huawei ස්මාර්ට්ෆෝන් සහ විද්‍යුත් වාහන වෙළඳපල යන දෙකෙහිම තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...