26 C
Colombo
Friday, December 8, 2023

මෙරට සංචාරක ප්‍රවර්ධනය වඩාත් ආකර්ශනීයව සිදුකිරීමට සිසිලි ස්වස්ථා ග්ලෝබල් ආයතනයෙන් breathwork වැඩමුළුවක්

- Advertisement -

මෙරට සංචාරක ප්‍රවර්ධනය වඩාත් ආකර්ශනීයව සිදුකරමින් මෙන්ම, ශ්‍රී ලංකාවට
විදේශ විනිමය ගෙන ඒම මූලික අරමුණ කරගනිමින් සිසිලි ස්වස්ථා ග්ලෝබල් ආයතනය
නවමු ආකාරයේ වැඩසටහනක් මීගමුව ජෙට්වින් ලැගූන් හෝටලයේදී අද (01) සංවිධානය
කර තිබුණා.

ඒ අනුව යෝගා ක්‍රියාකාරම්වල එන breathwork වැඩමුළුවක් ලෙස පැවැත්වූ
මෙම වැඩසටහනෙහි පළමු අදියර සඳහා ඉන්දියානු සංචාරකයින් 40 යුත් කණ්ඩායමක්
දිවයිනට පැමිණියා. 40 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම පුරා දින 07 ක් මෙරට තුළ
රැදෙමින් මෙම breathwork වැඩමුළුවෙහි අංග සඳහා සහභාගී වනවා.

මෙම breathwork ක්‍රියාකාරකම් තුළින් බොහෝ ලෙඩ රෝග සමනය කර මනසට මෙන්ම ශරීරයට නව ජවයක් උද්දීපනය වන අතර මානසික ආතතිය දුරලිමටත් එය මනා පිටු බලයක්ද වනවා.

වෛද්‍ය අන්කුරන් දත්තාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරණු මෙම
වැඩසටහන සත්ගමයා ෆවුන්ඩේෂන් ඉන්දියා ආයතනය වෙනුවෙන් ඩී.පී. මහේෂ් මහතා
විසින් මෙහෙයවනු ලැබූවා.‍

සංචාරක ප්‍රවර්ධන ආයතනයයක් ලෙස සිසිලි ස්වස්ථා සංචාරක ප්‍රවර්ධන ආයතනය
ආරම්භකරන වැඩසටහනේ මුලික අරමුණ රට තුළ උග්‍ර ඩොලර් අර්බුදයක් පවතින
පසුබිමක විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමයි. දින 7ක් පුරා
දිවෙන මෙම වැඩසටහන Jetwing Blue සහ Jetwing Lagoon යන හෝටල් මුලික කරමින්
පැවැත්වෙනවා. ඊට අමතරව කතරගම දේවාලය කේන්ද්‍රකරගනිමින්ද එක් වැඩසටහනක්
පැවැත්වීමට නියමිතයි.

සිසිලි ප්‍රොජෙක්ට්ස් කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මැදිහත්වීමෙන් එම
ආයතනයේ සභාපති, ප්‍රමුඛ පෙලේ ව්‍යවසායකයෙක් වන උදය අබේසේකර මහතා ඇතුලු
ආයතනයේ විධායක මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරි චින්තක අබේසේකර, ප්‍රධාන
මෙහෙයුම් විධායක නිලධාරි සමුද්‍ර හේවාවික්‍රම මහතා මෙන්ම අධ්‍යක්ෂ කේ.පී.
නාගරාජා මහතාගේ මුලිකත්වයෙන් සහ සාමාන්‍ය අධිකාරි සමුහ ව්‍යාපාර මලින්ද
නානායක්කාර මහතාගේ සංවිධාන ශක්තියෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...