28.4 C
Colombo
Friday, April 26, 2024

සාරියෙන් විනය හදන රටේ පාසල් දරුවන්ට මත්පෙති අලෙවි කරන ව්‍යාපාරයක්

- Advertisement -

රජයේ කාර්යාල සදහා සේවයට වාර්තා කිරීමේදී පහසු ඇදුමකින් සේවයට වාර්තා කිරීමට ඉඩ ලබාදෙමින් සිය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසුවේ එම චක්‍රලේඛය වෙනත් සේවාවන් වල නිරත පිරිස්වලට අදාළ කරගත නොහැකි බවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය අනුව පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ගුරුවරුන්ටද හැකි බවට ඇතැම් පාර්ශ්ව පළ කරන අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, පාසල් දරුවන් ඉලක්ක කර මත් පෙති විකුණූ උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු සතුව තිබී මත්පෙති 1,299ක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිතය සහ විද්‍යාව උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙක්. කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳීසිට ඇති එම සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බව පොලීසිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...