ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා රුපියල් 5000 බැගින් අවට පදිංචි නිවැසියන්ට බෙදාදුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මුතූර් පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26ක කින්නියා ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බවයි.
ජනාධිපතිවරණය ඉලක්ක ගත කරමින් සැකකරු පෙරියමුල්ල පාලම අසල පුද්ගලයකුගේ නිවසේ මුදල් බෙදාදීමක් සිදුකර බවට මුතූර් පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනවලින් අනතුරුව නිවෙසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා අවට පදිංචි පුද්ගලයන්ට රුපියල් 5000 බැගින් බෙදාදී ඇති අතර, එම ප්‍රදේශයේ වෛද්‍යවරයකු ඉදිරියේදී දේශපාලනයට පිවිසීම අරමුණු කරගෙන ජනාධිපති අපේක්ෂවරයා ප්‍රවර්ධනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.