සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.
X පණිවුඩයක් නිකුත් කරමින් හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව මේ වන විට පැහැදිලි වී ඇති බවයි.
මෙවර ජනාධිපතිවරණයේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන්, සහය දැක්වූවත් ප්රජාතන්ත්රවාදය අගයන පුරවැසියෙකු ලෙස ඔහු අනුර කුමාර දිසානායක මහතා අමතා සුබ පැතුම් එක් කළ බව හර්ශ ද සිල්වා මහතා පවසා තිබෙනවා.