බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල, උඩුවර, නිල්බෝවිල ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු ඇතුලු පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට අද (31) පස්වරුවේ පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුලු 06දෙනෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසනවා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි දියතලාව රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඔහුගේ කුඩා දරුවන් දෙදෙනකු සහ බිරිඳගේ නැගනියත් ඇයගේ සැමියා සහ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු 07දෙනෙක් බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට මෝටර් රථය තුළ ගමන් කරමින් සිටියදී මෙසේ මෝටර්රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළා.
අනතුරින් කුඩා දරුවන් හතර දෙනා, ගැබිනි කාන්තාවක සහ ඇයගේ සැමියා මෙසේ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත්, මෝටර්රථයේ ගමන් ගත් වෛද්‍ය වරයා සුලු තුවාල ලබා සිටින බවත් පොලිසිය පැවසුවා.
මෝටර් රථය බදුලු ඔයට පෙරලීයාමෙන් අනතුරුව ප්‍රදේශවාසින් හාලිඇල පොලිසියේ නිලධාරීන් එක්වී මෝටර්රථය තුළ සිරවී සිටි පිරිස මෙසේ බේරාගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සිදු කල බවත් හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා සදහන් කළා.
අනතුරින් මෝටර්රථයට දැඩි ලෙස අලාභහානි වී තිබූ බවත්, තුවාලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.