28.3 C
Colombo
Wednesday, April 24, 2024

‍යොහානි සම්බන්ධ වූ හින්දි චිත්‍රපටයට නඩු

- Advertisement -

යොහානි දිලෝකා ද සිල්වාගේ ගීතයක් ඇතුලත් අධ්‍යක්ෂක ඉන්ද්‍ර කුමාර්ගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත “Thank God” සිනමාපටය මේ වනවිට නීතිමය අර්බුදයකට ලක්ව තිබෙන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය සඳහන් කරනවා.

ජවුන්පූර් අධිකරණයක අධ්‍යක්ෂ ඉන්ද්‍ර කුමාර් සහ රංගනයෙන් දායක වන අජේ දේව්ගන් සහ සිද්ධාර්ථ මල්හෝත්‍රාට එරෙහිව නීතීඥ හිමන්ෂු ශ්‍රීවාස්තාවා විසින් නඩුවක් පවරා ඇති බවයි එහි දැක්වෙන්නේ.

පෙත්සම්කරුගේ ප්‍රකාශය නොවැම්බර් 18 වැනිදා සටහන් කර ගැනීමට නියමිත අතර නිකුත් කර ඇති චිත්‍රපටයේ ප්‍රචාරක පටය ආගම සමච්චලයට ලක් කර ඇති අතර ආගමික හැඟීම්වලට හානි කර ඇති බවයි හිමන්ෂු ශ්‍රීවාස්තාවා පෙන්වා දී ඇත්තේ.

“Thank God” සිනමාපටය ශ්‍රී ලාංකික රසිකයින්ටද සුවිශේෂී වනවා. ඒ, ‘මැණිකේ ‘ගීතයෙන් ජනාදරය හිමිකරගත් යොහානි ද සිල්වා මෙම සිනමා පටයේ එම ගීතය හින්දි භාෂාවෙන් ගායනා කිරීම හේතුවෙන්.

චමත් සංගීත්, දුලාන් ARX ,සතිෂාන්ද මේ ගීතයේ නිර්මාණයට දායකත්වය සපයා තිබෙනවා.

හින්දි භාෂාවෙන් ගැයූ මෙම ගීතය අද (16) එළිදක්වා තිබෙන අතර “Thank God” සිනමාපටය ඔක්තෝම්බර් 24වන දා තිරගත වීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...