23 C
Colombo
Friday, February 14, 2025

ලේක් හවුස් එකට නඩුවක්

- Advertisement -

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණී ජයවර්ධන ලේක්හවුස් ආයතනයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙනවා.

මෙම නඩුව ගොනු කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 17/2025 නඩු අංකය යටතේයි.

සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘවරිය වශයෙන් සේවය කරමින් සිටියදී 2025 ජනවාරි 3 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කඩවීම සිදුවී තිබෙන බවටයි එහි සඳහන් වන්නේ.

මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ගාමිණී වර්ෂමාන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් 14ක් නම් කර තිබෙනවා.

මෙකී මූලික අයිතිවාසිකම් නඩුව වෙනුවෙන් නීතිඥ යොහාන් පීරිස්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ සරින්ද ජයවර්ධන යන නීතිඥ මඬුල්ල පෙනී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES