24 C
Colombo
Sunday, February 16, 2025

ඊශ්‍රායලය හා හමාස් සටන් විරාමයක්

- Advertisement -

ගාසා තීරයේ මාස 15ක් පුරා පැවති යුද්ධය අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹ තිබෙනවා.

එළඹෙන 19 වන ඉරිදා සිට සටන් විරාමයට අදාළ කටයුතු ආරම්භ වීමට නියමිත අතර එහි ප්‍රධාන එකඟතාව වන්නේ, අදියර වශයෙන් දෙරටේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමයි.

2023 ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භය වුණා.

ඊශ්‍රායල වැසියන් 1,200ක් පමණ ප්‍රහාරවලින් මියගිය අතර 250කට අධික ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන්කාමීන් රැගෙන ගොස් තිබුණා.

ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ප්‍රහාර දිගින් දිගටම එල්ල කරනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස 15 තුළ පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා මෙම සටන් විරාමය සම්බන්ධයෙන් ඉඟි පළ කළා.

ඔහු පැවසුවේ, “ඊශ්‍රායල – හමාස් යුද්ධයේ ප්‍රාන ඇපකරුවන් සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇති අතර, ඔවුන් කඩිනමින් නිදහස් වනු ඇති බවයි.”

ඒ අනුව මෙම පූර්ණ සටන් විරාම ගිවිසුම තහවුරු කළේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්.

සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සහ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූතිය පළ කර සිටියා.

මූලික අදියර අවසන් වීමෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.

අවස්ථා ගණනාවකදී ඊශ්‍රායල – හමාස් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව මැදිහත් වී සාම සාකච්ඡා පැවැත්වුවත් ඒවා විවිධ හේතූන් මත අසාර්ථක වුණා.

කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය ප්‍රධාන මැදිහත්කරු වෙමින් අවස්ථා ගණනාවකදී පැවැති මෙම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයට එළැඹීමයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES