27.5 C
Colombo
Wednesday, October 4, 2023

පාර්ලිමේන්තුවේදී යොහානිට උපහාර පිදීමේ උත්සවයක්

- Advertisement -

නවක ගායන ශිල්පිනී යොහානි දිලෝකා ද සිල්වා මෙනෙවියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සූදානම් කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය සංවිධානය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පවසනවා.

එම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගීවීමට නියමිතයි.

එදින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් යොහානි ද සිල්වා මෙනෙවිය පාර්ලිමේන්තුවේ ගැලරියට කැඳවා ගෙන එනු ලබන අතර ඉන් අනතුරුව කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දෙනු ඇති.

ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන යනු ලබන අතර එහිදී ඇයට විශේෂ උපහාර පිදීමක් සිදු කිරීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...