හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් එක්වූ සිංහ පැටවුන් තිදෙනෙකුට නම් තැබීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.
උද්‍යාන කළමණාකාරීත්වය පවසන්නේ ඩෝරා සහ ලාරා යන සිංහ ධේනුවන් පසුගිය දෙසැම්බර් මාසයේදී සිංහ පැටවුන් තුන් දෙනෙකු බැගින් බිහි කර ඇති බවයි.
මේ අතරින්, ඩෝරා, ගැහැණු පැටවුන් තිදෙනෙකු බිහි කර ඇති අතර, ලාරා ගැහැණු පැටවුන් දෙදෙනෙකු සහ පිරිමි පැටවෙකු බිහි කර තිබෙනවා.
මාස තුනකට ආසන්න වයසැති මෙම සිංහ පැටවුන් පෙබරවාරි මාසයේදී මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට සූදානම්ව කරමින් පවතිනවා.
රිදියගම සෆාරි උද්‍යානයේ කළමනාකාරිත්වය නිවේදනය කර ඇත්තේ මෙම සිංහ පැටවුන් නම් තැබීමට මහජනතාවට අවසර දෙන බවයි.
වනෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ පෙබරවාරි 02වනදාට පෙර රිදියගම සෆාරි උද්‍යානයේ ලිපිනයට තැපැල් පතක් යොමු කිරීම මඟින් හෝ එම උද්‍යානයේ නිල ෆේස්බුක් ගිණුම වෙත මෙසෙන්ජර් පණිවිඩයක් යොමු කිරීමෙන් මෙම නම් තැබීම සඳහා දරු දැරියන්ට අවස්ථාව ඇති බවයි.
එලෙස එවන ලද පණිවිඩ අතරින්, නම් තෝරා පෙබරවාරි 04වන දින සිංහ පැටවුන්ට නම් තැබීම සිදු කරන බවත්, ජයග්‍රාහී දරු දැරියන්ට තෑගි ලබා දෙන බවත් ඔහු පවසා සිටියා.