අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 දෙසැම්බර් මාසය සඳහා -1.7% ක් දක්වා වැඩි වී තිබෙනවා.
එය 2024 නොවැම්බර් මාසය සඳහා -2.1% ක් ලෙස වාර්තා වී තිබුණා.
2024 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.8% දක්වා වැඩි වී ඇති අතර, 2024 නොවැම්බර් මාසයේදී එය වාර්තා වුයේ 0.6% ක් ලෙසයි.
එමෙන්ම, 2024 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -3.0% ක් දක්වා වැඩි වී ඇති අතර, එය 2024 නොවැම්බර් මාසයේදී -3.3% ක් ලෙස වාර්තා වුණා.