28.4 C
Colombo
Sunday, May 18, 2025

මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධූරවල වෙනසක්

- Advertisement -

මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී තිබෙනවා.

මේ අතර, 2023 ඡන්ද නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18ක් ලෙස දැක්වුණු අතර නව වැඩිවීමත් සමග එය දැක්වුණේ 19ක් ලෙසයි.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ, එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇති බවයි.

එමෙන්ම, 2023 ඡන්ද නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධුර 19ක් හිමිව තිබූ අතර, එය නව සංශෝධනයට අනුව 18ක් බවට පත්ව තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වී ඇත්තේ 6ක් දක්වායි.

අනෙක් දිස්ත්‍රික්කවල මන්ත්‍රී ධූර සංඛ්‍යාවේ වෙනසක් සිදුව නොමැති අතර, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව දැක්වුණේ 12ක් ලෙසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5ක් ලෙසත්, නුවරඑළියේ 8ක් ලෙසත්, ගාල්ල 9ක් ලෙසත් දැක්වුණා.

ඊට අමතරව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 බැගින්, වන්නි 6ක් ලෙසත්, මඩකලපුව 5ක් ලෙසත් සඳහන් වුණා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7ක් ලෙස දැක්වුණු අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව සටහන් වූයේ 4ක් ලෙසයි.

කුරුණෑගල 15ක් ලෙසත්, පුත්තලම 8ක් ලෙසත්, අනුරාධපුරය 9ක් ලෙසත්, පොළොන්තරුව 5ක් ලෙසත් දැක්වුණා.

බදුල්ල, මොණරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව පිළිවෙලින් 9, 6, 11, 9 ලෙසත් සඳහන් වුණා.

මේ අතර, මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සංඛ්‍යාව සහ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රයේ සඳහන් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

POPULAR ARTICLES

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...