26 C
Colombo
Friday, February 14, 2025

තෙල් මිලේ වෙනසක්

- Advertisement -

ජනපති ට්‍රම්ප් විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ 25%ක තීරුබද්දත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා.

නමුත් දීර්ඝ කාලීනව තීරුබදුවල බලපෑමෙන් ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම තෙල් සඳහා ඉල්ලුම අවදානමට ලක්කරන බැවින් පසුගිය දින කිහිපය තුළ සමස්ථයක් වශයෙන් තෙල් මිල අඩුවීමක් වාර්තා වුණා.

කැනඩාව සහ මෙක්සිකෝව අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් සපයන ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනෙක්.

කැනඩාව සහ මෙක්සිකෝව සමග අමෙරිකා එක්සත් ජනපදය තාවකාලිකව හෝ එකඟත්වයකට පැමිණීම නිසා තෙල් මිල යම් අන්දමකින් ස්ථාවර වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේශකයන් පෙන්වා දෙනවා. 

මේ අතර අමෙරිකාව විසින් චීනයට පැනවූ 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීමත් සමග අමෙරිකානු WTI බොරතෙල් මිල 2%කින් පමණ කැපී පෙනෙන ලෙස අද පහත වැටුණා. 

ඒ අනුව WTI තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 72කට අඩු මිලකටයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 1.2%කින් පහත වැටෙමින් ඩොලර් 75ක් ලෙස සටහන්ව තිබෙනවා. 

අමෙරිකාවේ බදු මෙන්ම චීනය විසින් අමෙරිකානු බොරතෙල් සහ LNG අපනයනයන්ට පැනවූ 15%ක බද්ද ද මීට හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...