වෙළඳ පොළේ රන් අවුන්සයක මිල අද දිනයේ දී රුපියල් 729,360ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 7,453ක වැඩි වීමක්.
ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,730 ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,590 ක් සහ රුපියල් 22,520 ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 205,850 ක් ලෙස සටහන් වන අතර කැරට් 22 පවුමක් රුපියල් 188,700 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,150 ක් ලෙසයි මිල වාර්තා වී ඇත්තේ.