30 C
Colombo
Saturday, October 5, 2024

වී මිලේ වෙනසක්

- Advertisement -

වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කර තිබුණා.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර තිබෙන නමුත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කර තිබෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් තරම් සුළු ප්‍රමාණයක් බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.

එසේ වුවත් වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ අනුව රුපියල් 105-110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 ඉක්මවා තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.  මෙම මන්ත්‍රීවරුන් අතරින්...

වතුර බෝතල්වලටත් පාලන මිලක්?

දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ...

ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි

මෙරට ඖෂධ වර්ග 80ක පමණ තවදුරටත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ ඖෂධ රෝහල් මට්ටමින් මිලදී ගැනීමට අවසර ලබා දී...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...