25 C
Colombo
Friday, January 17, 2025

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

- Advertisement -

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම හේතුවෙන්.

මීට පෙර වසරකට රජයේ පාසල් පැවැත්වූ දින ගණන 210ක්.

කෙසේ වෙතත් 2025 වසරේදී රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම හේතුවෙන් පාසල් පැවැත්වෙන දින ගණන අඩු කර ඇති බව සඳහන් වනවා.

රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා මීට පෙර දින 210ක් පාසල් පවත්වනු ලැබුවා.

මීට අමතරව 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26න් සති අන්තයේ ඇත්තේ හතරක් පමණක් වනවා.

සෙසු සියලු නිවාඩු දිනයන් සතියේ දිනවල යෙදී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් දින 210ක් පාසල් පැවැත්වීමට නොහැකි වනු ඇති.

මේ අතර 2025 වසර සඳහා වන පළමු පාසල් වාරය ජනවාරි මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම 2024 වසරේ තෙවන පාසල් වාරය ජනවාරි දෙවැනිදා සිට ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES