32 C
Colombo
Sunday, March 16, 2025

රජයේ රෝහල් වලදී 25%ක මිල අය කිරීමක්

- Advertisement -

රජයේ රෝහල් වල රෝගී සත්කාර කටයුතු වලදී මුදල් ගෙවා සේවා ලබා ගැනීමේ පහසුකම් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (29) මහනුවරදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉදිරියේදී රජයේ රෝහල් වල මුදල් අය කිරීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මෙහිදී නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ආරෝග්‍යශාලා කිහිපයක 20%-30% අතර මුදලක් අය කරන ගෙවීම් අංශයක් ආරම්භ කරන බවත් මෙහිදී හැකියාවක් ඇති අයට පෞද්ගලික අංශයට වඩා හොඳ සේවාවක් ඊට වඩා අඩු මුදලකට ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

එමගින් එම මුදල් භාවිතයෙන් මුදල් වැය කිරීමට අපහසු රෝගීන්ට සේවා සැපයීමට හැකිවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ඖෂධ තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ වන විට ජීවිතාරක්ෂක ඖෂධ 14ම රට තුල ඇති බවයි. එමෙන්ම, අත්‍යාවශ්‍ය ඖෂධ 84හි හිඟයට සහ ශල්‍යකර්ම උපකරණ හිඟයට විසඳුම් සොයමින් සිටින බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES