29 C
Colombo
Thursday, October 3, 2024

සියලු පාසල්වලට අදාළව චක්‍රලේඛයක්

- Advertisement -

පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව පැවසෙනවා.

එවැනි සිදුවීම් හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නොකළ යුතු බවට අවධාරණය කර ඇති අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, එවැනි ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් දෙන්න – අධිකරණය

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ මහතාගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...