24 C
Colombo
Sunday, February 16, 2025

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සැකපිට අත්අඩංගුවට

- Advertisement -

ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැලිකන්ද පොලිස් වසමේ රුහුණුකෙත ප්‍රදේශයේ දී ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 53ක් වන රුහුණුකෙත ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් බව පොලීසිය පවසනවා.

ඔහු සතුව තිබී ගිනි අවියට අමතරව පතරොම් ගැබ් 01ක් සහ ටී 56 පතොරොම් 18ක් සොයාගැනීමට ද පොලීසියට හැකිව තිබෙනවා.

මෙම සැකකරු විසින් මෙම ගිනි අවිය යොදාගෙන වෙනත් අපරාධ සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඉකුත් 11වනදා මීතොටමුල්ල ප්‍රදේශයේදී වැල්ලම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරගෙන යන විමර්ශනයේදී  ඔහුගෙන් ලද තොරතුරක් මෙම සිවිල් ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා.

මීතොටමුල්ල ප්‍ර දේශයේදී අත්අඩංගුවට පත් වූ එම සැකකරු සතුවද පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 13ක් තිබී සොයාගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES