අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වන අලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර තිබුණා.
මෙම මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ඒ වනඅලි සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීමේ අරමුණින්.
සමීක්ෂණවලට අනුව මෙරට භෝග වගාවන්ට හානි පමුණුවන සතුන් අතර වන අලියාට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.
දිවයිනේ ප්‍රදේශ රැසකින් දෛනිකව වනඅලි හානි වාර්තා වන්නේ ඒ බව තවදුරටත් තහවුරු කරමිනි.
එලෙස වගා හානි බහුලව සිදුවන අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි, රක්ෂිත වෙත පළවා හැරීමේ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කෙරුණේ ඒ අනුවයි.
අනුරාධපුර වනඅලි විල්පත්තුව ජාතික වනෝද්‍යානය දක්වා පන්නා දැමීමේ කටයුතු ඒ අනුව ආරම්භ කෙරුණත්, ප්‍රදේශවාසීන් චෝදනා කළේ එම කටයුතු අතරමග නවතාදැමීමෙන් ප්‍රදේශ කිහිපයක වනඅලි ගැටලුව තීව්‍ර වී ඇති බවයි.