30 C
Colombo
Monday, March 20, 2023

විශේෂිත පිරිසක් වෙනුවෙන් කෝටි ගණනක වන්දි ගෙවීමක් – මෛත්‍රීපාලගෙන් හෙළිදරව්වක්

- Advertisement -

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූ අය බව සඳහන් කරමින් තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු කරන්නේ නම් ඊට විරෝධය දක්වන බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය යැයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීම සඳහා වත්මන් රජය සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ.

එම පිරිස අතරින් බහුතරයකගේ නම් අධිකරණමය ක්‍රියාමාර්ග මත ගන්නා ලද තීරණ වන අතර එය හුදු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම සුදුසු නොවන බවත්, රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ආකාරයක තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු කරන්නේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විරෝධය සහ අසතුට මේ මොහොතේ රජයට ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනතාවත්, රටත් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සියලු ශක්තිය යෙදවීම මිස ජනතාවගේ මුදල් මෙලෙස විනාශ කිරීම නොවන බවයි ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.