26.7 C
Colombo
Monday, July 21, 2025

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ලක්

- Advertisement -

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  රාජ්‍ය දේපළ  අවභාවිත කරන බව පවසමින්  නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (04) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ නායක සුගීස්වර  බණ්ඩාර මහතා පවසන්නේ කතානායකවරයා පහළොස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිය කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.

එසේම කතානායකවරයා සිය නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් ලබාගෙන ඇති බවත් එම වාහනය ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් වෙන්කර ඇති  බවත් ඔහු සඳහන් කළා.

කතානායකවරයා සිය නිල රථ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ අවසරය ඇතිව ඉන්ධන ලීටර් 900ක් ලබා ගන්නා බව පැවසූ බණ්ඩාර මහතා කථානායක  වෙනුවෙන් නිල නිවසක් තිබියදී කොළඹ ලොරිස් මහල් නිවාස සංකීර්ණයෙන්  තවත් නිල නිවසක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කර සිටියා.

එම නිල නිවසේ පදිංචිව සිටින්නේද ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා බව ඔහු පවසනවා.

කතානායකවරයා කතානායක නිල නිවස පාවිච්චි නොකරන බවට ප්‍රකාශ කළද  එය විශේෂ උත්සව අවස්ථා  සඳහා පාවිච්චි කරන බවට තොරතුරු දැනගන්ට ලැබී ඇතැයිද ඔහු කියාසිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කතානායක මාධ්‍ය අංශය පවසන්නේ එම  සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පූර්ණ කරුණු පැහැදිලි කිරීමක්  කිරීමට බලාපොරොත්තු වන බවද  එම අංශය වැඩිදුරටත්  සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES