29 C
Colombo
Friday, June 2, 2023

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

- Advertisement -

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු එම කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කර ඇති මේ පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ නඩු විභාගයක් අවසන්වීමට පෙර හදිසියේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ අධිචෝදනා ඉවත් කිරීමට නීතිපති කටයුතු කිරීම කිසියම් වරප්‍රසාදයක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් කරන ලද්දක් බවට සැක මතුවන බවයි.

2008 – 2009 වකවානුවේ කොළඹ පදිංචි පුද්ගලයන් 11 දෙනෙක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු චුදිතයන් 14 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වේ.

ඉකුත් 4 වැනිදා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ විත්තිකාර හිටපු නාවික හමුදාපතිට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා ඉවත් කර ගන්නා බවයි.

‘නීතිපති හා නඩුව මෙහෙයවූ රජයේ නීතිඥයා විසින් විත්තිකරුගේ, විත්තියේ නීතිඥයාගේ හෝ කිසියම් දේශපාලන බලාධිකාරියක අයුතු විෂමාචාරි බලපෑමකට හෝ වරප්‍රසාදයකට විත්තිකාර කරන්නාගොඩගේ චෝදනා ඉවත් කර ගැනීමේ නීති විරෝධී උත්සාහයක නිරත බව’ යනුවෙන් අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව  අදාළ ලිපියේ ඒ බව සඳහන් කරයි.

මේ අතර අතුරුදහන් කරන ලද තරුණයන් 11 දෙනාගේ මව්පියන් හා ඥාතීන් විසින් ඉකුත් 5 වැනිදා නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ විත්තිකාර හිටපු නාවික හමුදාපතිට එරෙහි අධි චෝදනා ඉවත් කර නොගන්නා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...