24 C
Colombo
Monday, December 11, 2023

දෙරණට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

- Advertisement -

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන දෙරණ රූපවාහිනී නාලිකාවෙන් පසුගිය දිනවල විකාශයවූ ‘පොදු’ නැමති ටෙලි නාට්‍යයෙහි විකාශයවූ ඇතැම් දර්ශන තුළින් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය සඳහා ප‍්‍රචාරයක් ලබාදුන් බවට පවසමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
දම්පල් දරුවෝ ජාතික සංවිධානයේ සභාපති ගෞරව ශාස්ත‍්‍රපති පූජ්‍ය යහමුල්ලේ අනුරවංශ හිමි සහ දම්පල් දරුවෝ ගිහි අනුශාසක ආචාර්ය ප‍්‍රීති කුලතුංග, මහේෂ් රංගන ජයරත්න, නියෝජ්‍ය ලේකම් මාධව සංජීව විජයරත්න යන අය විසින් මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ල ගොනු කළා.
ඔවුන් පවසන්නේ දෙරණ මාධ්‍ය ආයතනය සහ ‘පොදු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් 2006 අංක 27 දරණ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ විධිවිධානයන් උල්ලංඝනය කර ඇති බවයි.

පැමිණිල්ලෙහි ඔවුන් සදහන් කර ඇත්තේ දෙරණ ආයතනයේ හිමිකරු වන දිලිත් ජයවීර මහතා, දෙරණ රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන් සහ ‘පොදු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයින් විසින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත චේතාන්විතව කඩකරමින් උපරිමය රුපියල් මිලියන දෙකක දඩයකට යටත්වන වරදක් කරඇති බවයි.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...