26 C
Colombo
Wednesday, January 22, 2025

මාලිමාවේ මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්

- Advertisement -

තමා සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වට්ස් ඇප් හරහා හුවමාරු වන අසත්‍ය හා ද්වේෂ සහගත පණිවුඩ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.  

වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සම්බන්ධ කරමින් තමා පිළිබඳව මෙලෙස ව්‍යාජ සහ ද්වේෂසහගත පුවත් ප්‍රචාරය වීම හේතුවෙන් සිය කීර්ති නාමයට මෙන්ම මහජන විශ්වාසයට හානි වී ඇති බව මන්ත්‍රීවරිය අදාළ පැමිණිල්ල මඟින් පෙන්වා දෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වී මෙම ව්‍යාජ ප්‍රචාර පිටුපස සිටින කණ්ඩායම් හඳුනා ගෙන සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෞශල්‍යා ආරියරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින්,

“මා පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ද්වේශසහගත සහ මුළුමනින්ම අසත්‍ය පුවත්, විශේෂයෙන් මා හට පෞද්ගලිකව ඉලක්ක කරමින් පළ කරන ඒවා පිළිබඳව සී.අයි.ඩී ය (CID) වෙත මා විසින් අද නිල පැමිණිල්ලක් ගොනු කළෙමි.

මෙවැනි පහත් ක්‍රම මගින් කාන්තාවන් දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, අප ඔවුනට කියන්නේ – ඔබලා තවත් උත්සාහ කරන්න! එවැනි අසාර්ථක උපක්‍රමවලින් සාමූහික ව්‍යාපාරයකින් බිහි වුණු රජයක් බිඳ වැට්ටීමට සිතන්නේ නම්, ජීවීත කාලයම උත්සාහ කරන්න!

මෙවැනි දේශපාලනිකව අනාථ වූ කණ්ඩායම් මෙවැනි සිල්ලර කුමන්ත්‍රණවලට වෙර දරන මධ්‍යයේ, අපි අපේ ගමන යන්නෙමු.”

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES