2024 ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙක් 50%ක ප්‍රතිශතය ඉක්මවා නොමැති බැවින් දෙවැනි මනාපය ගණනය කරන අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඡන්ද-පළ නියෝජිතයින් නොමැතිව එම ගණනය කිරීමේ කටයුතු සිදුකිරීම සම්බන්ධව එම පක්ෂය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.
මැතිවරණ කොමිසමට අද (22) පෙරවරුවේ එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමගි ජනබලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ සදහන් කළේ එය නීති විරෝධී කටයුත්තක් බවයි.
කෙසේවෙතත්, ඇතැම් නැවත දෙවන වර ගණනය කිරීම් නිත්‍යානුකුල ලෙස අරඹා ඇති බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා..
එම අවස්ථාවට එක්ව සිටි පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ ඇතැම් නිලධාරීන් පක්ෂග්‍රාහී කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි.