24 C
Colombo
Sunday, January 19, 2025

ශිෂ්‍යත්ව විභාගයේ විමර්ශනවල රහසිගත වාර්තාවක් අධිකරණයට

- Advertisement -

ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය විසින් එම වාර්තාව අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම සිද්ධිය පිළිබඳව සිදුකළ පරීක්ෂණවල සවිස්තර රහසිගත වාර්තාවක් අද පෙරවරු 9.00 පෙර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත නියෝග කර තිබුණා.

ඒ අනුවයි මෙම වාර්තාව භාරදීම සිදු කර තිබෙන්නේ.

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට අසාධාරණයක් සිදුවූ බව සඳහන් කරමින් එම විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පිළිබඳ විභාගය ඊයේ දින අවසන් කෙරුණා.

එහි තීන්දුව මේ මස 31 වැනිදා ප්‍රකාශ කරන බව අදාළ පෙත්සම් විභාග කළ යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ දින නියෝග කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES