29 C
Colombo
Thursday, July 17, 2025

ආසන සංවිධායකවරයෙකු නිවසේදී ඝාතනය කරලා

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැත්තාව නිවසේදී ඝාතනය කර තිබෙනවා.

මීගොඩ පොලීසිය පැවසුවේ ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මුගුරකින් හිසට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර එහිදී බරපතළ තුවාල ලැබූ සම්පත් ගමගේ නමැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනියම් සම්බන්ධයක් පිළිබඳව ද කරුණු අනාවරණය වී ඇති බවයි.

ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නැහැ.

මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර මීට සති දෙකකට පමණ පෙරදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහයෝගය පළ කිරීමට කටයුතු කර තිබූ බවද නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පවසා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

කාලගුණෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්. සිව්දෙනෙක්ට තුවාල

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

POPULAR ARTICLES