දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ජාවාරම්කරුවන් හේතුවෙන් ජල බෝතල් විවිධ මිල ගණන් වලට රට පුරා අලෙවි වන බව ඔවුන් ප්‍රකාශ කරනවා.
ඒ අනුව, වහාම පානීය ජල බෝතල් සදහා පාලන මිලක් පැනවිය යුතු බව එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මහනුවර අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.