29 C
Colombo
Saturday, January 18, 2025

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පාලන මිලක්

- Advertisement -

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, මෙරට තුළ පාරිභෝගිකයා දැඩි සූරා කෑමකට ලක්වන බවත් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බවයි.

භාණ්ඩ රැසකට උපරිම සිල්ලර මිල නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කවුන්සිලය මේ වන විට කටයුතු කරමින් සිටින බවත් හැකි ඉක්මණින් එම මිල ජනතාවට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ,වර්තමාන රුපියල් 100 කට අළෙවි කරන වතුර බෝතලය රුපියල් 40 කට අළෙවි කිරීමේ හැකියාවක් ඇති බවත් රුපියල් 52 කට සපයන ලුණු පැකට් එක රුපියල් 100 ට අළෙවි කරන බවයි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වන බව පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ නිලධාරියෙක් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES