27 C
Colombo
Friday, April 19, 2024

සමරිසි ජනතාව ඝාතනය කරන රටක්..!

- Advertisement -

ලෝකයේ දරුණුතම සමරිසි විරෝධී නීති අනුමත කිරීමට උගන්ඩාව කටයුතු කර තිබෙනවා.

සමරිසි හැසිරීම් අපරාධීකරණය කර එම අපරාධවලට මරණීය දණ්ඩනය ලබා දිය හැකි ආකාරයට නීති සම්පාදනය කර ඇති අතර සමරිසි ලෙස හඳුනා ගන්නා පුද්ගලයින්ට වසර 20 ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට ද එම රට නීති අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමරිසි සබඳතා දැනටමත් නීතිවිරෝධීව පවතින රටක එම පුද්ගලයින් තවදුරටත් මර්දනය කිරීමට මෙම නව නීති සම්පාදනය කර තිබෙනවා.

මෙම නව නීතීන් ක්‍රියාකාරකම් රාශියක් ඉලක්ක කරන අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සහ අනුබල දීම තහනම් කිරීම මෙන්ම සමලිංගිකත්වයේ යෙදීමට කුමන්ත්‍රණය කිරීම ද ඇතුළත් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

පනතට එරෙහිව අදහස් දක්වමින්, එය සමරිසි පුද්ගලයින්ගේ මූලික අයිතිවාසිකම් අසාධාරණ ලෙස සීමා කරන බැවින් එය “ස්ථාපනය කිරීම ජාත්‍යන්තර සහ කලාපීය මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි” බව නීති සම්පාදක Fox Odoi-Oywelowo පෙන්වා දෙනවා.

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ‘ හියුමන් රයිට්ස් වොච්’ (HRW) මෙම මස මුලදී අනතුරු ඇඟවූයේ මෙම නීතීන් උගන්ඩාවේ මානව අයිතීන් උල්ලංඝනය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...