යාපනය, පේදුරුතුඩුව, කට්කෝවලම් ප්‍රදේශයේ නිවසක තිබි ඝාතනය කළ අඹුසැමි යුවළකයේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයින් දෙදෙනාගේ හිසට පහර දී මෙම ඝාතන සිදුකර ඇති බවට මුලිකව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මියගොස් ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ 54 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
මියගිය යුවළ 29 වනදා ඥාති නිවසක පැවති අවමංගල්‍යය නිවසකට ගොස් නැවත සවස් කාලයේ දී නිවසට පැමිණ ඇති අතර, දියණිය අවමංගල්‍ය නිවසට ගොස් නැවත නිවසට පැමිණ තිබුණේ නැහැ.
සිමෙන්ති ගඩොලකින් පහරදී අදාළ ඝාතනය සිදුව තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මියගිය පිරිමි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට අනුබද්ධව තාවකාලික වෘත්තියක යෙදී සිටි අයෙකු බව සඳහන් වනවා.
කෙසේවෙතත්, මරණයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.