28.9 C
Colombo
Thursday, March 27, 2025

ගුරු විරෝධතාවයට අධිකරණ නියෝගයක් (වීඩියෝ)

- Advertisement -

අද (26) දහවල් පැවැත්වීමට නියමිත ගුරු – විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම වළකින ලෙසත් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සංදේශ භාරදීම සඳහා සුළු කණ්ඩායමකට පමණක් වගකිව යුතු රජයේ නිලධාරියෙකුගෙන් නීත්‍යානුකූලව ලබාගත් අවසරයක් මත ඇතුළුවීමට බාධාවක් නොමැති බවටත් මෙම අධිකරණ නියෝගයේ සඳහන්.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

මේ අතර පොදු හා පෞද්ගලික දේපොළවලට හානි නොකරන ලෙසත් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 1X පරිචේදයේ ප්‍රතිපාදන පරිදි හා විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලීසිය සදහන් කරනවා.

මේ අතර නීතිවිරෝධී හැසිරීම්වලින් තොරව සාමකාමී උද්ඝෝෂණයක් කිරීමේ මුලික අයිතිවාසිකම ට මෙම නියෝගයෙන් කිසිදු බාධාවක් නොමැති බවද එම නියෝගයේ සදහන්.

RECENT ARTICLES - SINHALA

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

POPULAR ARTICLES