ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට නියමිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
නිමා වූ ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාවට එම තහනම පැනවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
තහනම් උත්තේජක නීති උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පසුගිය අගෝස්තු 23වන දින පැවති ජාතික ක්‍රීඩා විනය කමිටුව හමුවේ පැවැති පරීක්ෂණයේ දී සිය වරද පිළිගෙන තිබුණා.