29 C
Colombo
Saturday, January 18, 2025

බුම්රාගෙන් ක්‍රිකට් විස්තර විචාරකයෙක් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලලා

- Advertisement -

ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාව, “most valuable primate (MVP)” ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරක ඊසා ගුහා ප්‍රසිද්ධියේම සමාව ඉල්ලා තිබෙනවා.

ඇය මෙලෙස ප්‍රකාශයක් සිදුකර තිබුණේ, ඉරිදා බ්‍රිස්බේන්හි ෆොක්ස් ස්පෝර්ට්ස් වෙනුවෙන් අදහස් දක්වමින්.

ඒ, බුම්රා වේගවත් කඩුලු දෙකක් සමඟින් ඉන්දියාවට විශිෂ්ට ආරම්භයක් ලබා දීමෙන් පසුවයි.

බොහෝ මාධ්‍ය වාර්තාවන් පෙන්වා දුන්නේ, ඊසා ගුහා කළ මෙම ප්‍රකාශය තුළ ‘වාර්ගික අපවාදයක්’ ගැබ්ව ඇති බවයි.

එලෙස විවේචන එල්ල වීමත් සමඟ, ඊසා ප්‍රසිද්ධියේ ම සිය ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද තිබු අතර ‘විවිධ ආකාර ගණනාවකට අර්ථ දැක්විය හැකි වචනයක් භාවිතා’ කිරීම සම්බන්ධයෙන් සමාවෙන ලෙස අවධාරණය කරමින්.

“අන්‍යයන් කෙරෙහි සංවේදනය දැක්වීම සහ ගෞරවය සම්බන්ධයෙන් මා සැබවින්ම උසස් ප්‍රමිතීන් අනුගමනය කරනවා.ඔබ සම්පූර්ණ පිටපතට සවන් දෙන්නේ නම් වැටහේවි, මම අදහස් කළේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම ප්‍රශංසාවක් පමණක් වන බව.මට අවශ්‍ය වුණේ, ඔහුගේ ජයග්‍රහණවල විශාලත්වය රාමු කරන්න.
නමුත් මම තෝරගෙන තියෙන්නෙ, වැරදි වචනය.ඒ ගැන මම දැඩිව කණගාටු වනවා….”

අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී ඊසා, සජීවීව විස්තර විචාරය කරමින් සිට තිබුණේ බ්‍රෙට් ලී සහ ඇලන් බෝඩර් සමඟයි.

තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, ඊසා ප්‍රසිද්ධියේ ම සමාව ඉල්ලීම පිළිබඳව හිටපු ඉන්දීය පුහුණුකරු, ෆොක්ස් ක්‍රීඩා විස්තර විචාරකයෙකු වන රවී ශාස්ත්‍රි ද ඇයට ප්‍රශංසා කර තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ, වාර්ගික මඩ ගැසීම් නුපුරුදු දෙයක් නොවන අතර මීට ඉහත, එනම් 2007 සහ 2008 දී ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් චෝදනා කළේ ඉන්දියාවේ හර්බජන් සිං තමාව “වඳුරෙක් මිස වෙන කිසිවක් නොව” මැයෙන් හැඳින්වූ බව පෙන්වා දෙමින්.

එමෙන්ම ගෙවුණු වසරේ ප්‍රකාශයට පත් කරන ලද ක්‍රීඩාව පිළිබඳ ස්වාධීන වාර්තාවක් පෙන්වා දී තිබුණේ ‘ඉංග්‍රීසි ක්‍රීඩාව’ තුළ ජාතිවාදය, ලිංගිකත්වය, පන්තිවාදය සහ ප්‍රභූත්වය “පුළුල්ව පැතිරී ඇති” බවයි.

ඊසා ගුහා කළ ප්‍රකාශය තුළ එන, “most valuable primate (MVP)” කියූ සැනින් මතකයට නැඟෙන්නේ 2000 වසරේ තිරයට නැඟුණු කැනේඩියානු විකට ක්‍රීඩා චිත්‍රපටයක්.

එහි ප්‍රධාන තරුව වන්නේ සංඥා භාෂාව උපයෝගී කරගන්නා, හොකී ක්‍රීඩා කරන ‘ජැක්’ නම් චිම්පන්සියා යි.

තමාව වෛද්‍ය පර්යේෂණාගාරයකට විකුණන බව දැනගත් පසු විශ්වවිද්‍යාලයකින් පැන යන ජැක්ගේ කතාව චිත්‍රපටයට පසුබිම වනවා.

RECENT ARTICLES - SINHALA

මන්නාරම වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ...

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

POPULAR ARTICLES