27.2 C
Colombo
Saturday, June 21, 2025

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය ගැන තීරණාත්මක සාකච්ඡාවක්

- Advertisement -

ප්‍රතිසංස්කරණය කළ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය යළි විවෘත  කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (02) පැවැත්වෙන බව වාර්තා වෙනවා.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සභභාගි වීමට නියමිතයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට අනුරාධපුරය දක්වා වූ කිලෝ මීටර් 65ක දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර එය නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීම සිදුවූයේ පසුගිය සැප්තැම්බර් 12 වෙනි දිනයි.

මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට ඕමන්තය දක්වා වූ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 128ක් ප්‍රතිසංස්කරණය කළ අතර මීට පෙර අනුරාධපුර සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීම සිදු වුණා.

මෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 91ක්.

කෙසේවෙතත්, මහව – අනුරාධපුරය දුම්රිය මාර්ගය ඉන්දීය ණය ආධාර යටතේ නවීකරණය කළ ද එහි සංඥා පද්ධතියේ නවීකරණ කටයුතු ඇණහිටීම හේතුවෙන් දුම්රිය ධාවනය සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

පවතින තත්වය යටතේ දුම්රිය හරස් මාර්ග ගේට්ටු අසලින් ආරක්ෂිතව දුම්රිය ධාවනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ රියදුරන්ට අවබෝධයක් දීම සඳහා පරීක්ෂණ දුම්රියක් ඊ‍යේ (01)ධාවනය කෙරුණා.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතා පවසන්නේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුද පවතින තත්වය සමාලෝචනය කර මහව – අනුරාධපුර කොටස හරහා දුම්රිය ගමන් කිහිපයක් හෝ කඩිනමින් ධාවනය කිරීමට පියවර ගැනීම හැකිවනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES