23 C
Colombo
Friday, February 14, 2025

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

- Advertisement -

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය චෝදනා කරන්නේ, හමාස් ගිවිසුමේ ඇතැම් අංශ සම්බන්ධයෙන් අවසාන මොහොතේ සහන ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

එම කාර්යාලය සඳහන් කරන්නේ, අවසාන මොහොතේ සහන ලබා ගැනීමේ උත්සාහයක් ලෙස මැදිහත්කරුවන් සහ ඊශ්‍රායලය සමඟ ඇති කරගත් ගිවිසුමේ කොටස් හමාස් ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම හමාස් ගිවිසුමේ සියලුම අංග පිළිගෙන ඇති බව මැදිහත්කරුවන් ඊශ්‍රායලයට දැනුම් දෙන තුරු ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නැති බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේවෙතත් ගාසා තීරයේ මාස 15ක් පුරා පැවති යුද්ධය අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹ තිබුණා.

එළඹෙන 19 වන ඉරිදා සිට සටන් විරාමයට අදාළ කටයුතු ආරම්භ වීමට නියමිත වූ අතර එහි ප්‍රධාන එකඟතාව වන්නේ, අදියර වශයෙන් දෙරටේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමයි.

හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භය වුණේ 2023 ඔක්තෝබර් 7 වැනිදායි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES