මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වය පාලන කිරීමේ අරමුණින් ඖෂධීය කැඳ කෝප්පයක් සෑම පවුලකටම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සූදානම් වනවා.
ඒ අනුව දිවයිනේ සියලුම පවුල් ආවරණය වන පරිදි දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ හා ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ලබාදීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
එහිදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කර ඇති ඖෂධ මංජුසාවක් දිවයිනේ සෑම පවුලක් වෙතම ලබාදීමට කටයුතු කෙරනු ඇති.
එහි පළමු අදියර ලෙස නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ආදායම් අහිමිවූ පවුල් ලක්ෂ 25 ක් සඳහාත් දෙවන අදියර යටතේ ඉතිරි සියලුමි පවුල් සඳහාත් මෙම කැඳ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.