හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව ටින්සින් නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති කඩා වැටීමේ අවධානමක් සහිත ගසක් කපා ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ටින්සින් නගරයේ ප්‍රධාන මාර්ගයේ එක් පසකින් ඇද ඇති අධි බලැති විදුලි රැහන් සහ දුරකථන රැහන් වලට ඉතා ආසන්නයේ පිහිටි අඩි 100ක් පමණ උසැති මෙම දිරා ගිය යුකෙලෙප්ස්ටික් ගසෙහි අතු කිහිපයක් පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී තිබුණා.
ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වය මත එම ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ දැඩි අවදානමක් පවතින නිසා එය කපා ඉවත් කරන ලෙසයි.
මෙම මාර්ගයේ දිනකට බස් රථ සහ පෞද්ගලික වාහන ගණනාවක් ධාවනය කරන අතර මෙම් ගස හේතුවෙන් රියදුරන් එම ස්ථානයෙන් වාහන ධාවනය කිරිමට යම් බියක් දක්වන බවද ප්‍රදේශවාසීන් තවදුරටත් පවසනවා.
(හැටන්- රංජිත් රාජපක්ෂ)