27.2 C
Colombo
Saturday, June 21, 2025

ශානිගේ පෙත්සම ගැන සලකා බලන්න දින නියම වෙයි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ තමන්ව ස්ථාන මාරු කොට ඉන් අනතුරුව වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ තීරණයට එරෙහිව එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අප්‍රේල් මස 30 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නියෝග කළා.

එම පෙත්සම අද විජිත් මළල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා.

ඒ අනුව, අදාල පෙත්සම යළි අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදිනට පෙර සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් ශානි අබේසේකර මහතාගේ නීතිඥවරුන්ට නියෝගයක් කළා.

2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහායකයා ලෙස ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ බව පෙත්සම්කරු පවසනවා.

ඉන්පසුව සිය වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුණු බවත් ඔහු චෝදනා කර සිටි අතර, මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES