32 C
Colombo
Friday, January 17, 2025

ගිනිගත් කැබ් රියක මළ සිරුරක්

- Advertisement -

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර  කිලෝමීටර් 38 කණුව අසල ගිනිගත් කැබ්රථයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පොලිසිය පවසනවා.

හබරණ මින්නේරිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු විසින් කැබ් රථයක් ගිනි ගන්නා බවට මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම ගිනි ගනිමින් තිබෙන කැබ් රථය මින්නේරිය පොලීසිය විසින් සොයා ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

මින්නේරිය පොලීසිය පවසන්නේ, ඊයේ (25 ) රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර එම අවස්ථාවේදී කැබ් රථය හබරණ දෙසට මුහුණලා  නතර කොට තිබී ඇති අතර එහි වෙනත් කිසිදු පුද්ගලයෙකු සිට නොමැති බවයි.

පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුල දමා පිලිස්සීම සඳහා කැබ් රථය මෙම ප්‍රදේශයට ගෙනවිත් ඊට ගිනි තැබීමට කටයුතු කරේද යන්න පොලීසිය විසින් සැක පළ කරනවා.

මින්නේරිය පොලීසිය හා පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

මෙම ගිනි ගැනීමට ලක්වූ කැබ් රථය කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකුට අයත් කැබ් රථයක් බවට පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

Breaking: විදුලි ගාස්තුව පහළට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින්...

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල සිට කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා...

POPULAR ARTICLES

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

Breaking: විදුලි ගාස්තුව පහළට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින්...

ඩේවිඩ් ලින්ච් දිවියෙන් සමු ගනී

Blue Velvet, Lost Highway, Mulholland Drive, Inland Empire, The Straight Story, Dune වැනි සිනමා කෘති රැසක් අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ලින්ච් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඇමරිකානු චිත්‍රපට...