ඇල්පිටිය මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පිටවාන් ඇළක තිබි ඉතා අභිරහස් අයුරින් මිය ගොස් තිබූ නාදුන පිරිමි මළසිරුරක් අද(23) උදේ සොයා ගත් බව ඇල්පිටිය පොලිසිය පවසනවා.
මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී එය හදුනා ගැනීමට අපහසු වන ලෙස තිබූ බව පොලීසිය සඳහන් කරනවා.
ඇල්පිටිය පොලීසිය සඳහන් කළේ මෙය ඝාතනයක් ද නොඑසේනම් සිය දිවි නසා ගැනීමක් ද වෙනත් අනතුරකින් මිය ගියේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ සිදු කරන බවයි.