29 C
Colombo
Saturday, January 18, 2025

මන්ත්‍රී වාහන ගැන තීරණයක්

- Advertisement -

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇති බවට රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

ඔහු පවසා ඇත්තේ, රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබාදීම වෙනුවට ඔවුන් භාවිතා කරන පෞද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබා දීමට රජය මේ වන විට තීරණය කර ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවා ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බවයි එම නිලධාරියා සඳහන් කළේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළා.

තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජකාරී කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබා දුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි.

සෑම වසර පහකට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු එහිදී පවසා තිබෙනවා.

මේ අතර මීට පෙර අමාත්‍යවරුන් සහ විවිධ අමාත්‍යාංශ භාවිතා කළ නඩත්තු කිරීමට අධික මුදලක් වැය වන v8 වර්ගයේ මෝටර් රථ 228ක් වෙන්දේසි කිරීමට පියවර ගන්නා බවත් එවැනි v8 වර්ගයේ මෝටර් රථ රජය භාවිතය සඳහා ඉදිරියේදී ආනයනය නොකරන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.

V8 වර්ගයේ මෝටර් රථ වෙනුවට දැරිය හැකි අඩු මිල ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් මෝටර් රථ ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES