31.1 C
Colombo
Tuesday, July 8, 2025

මහ මැතිවරණයට යන වියදම ගැන ජනපතිගෙන් තීරණයක්

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වන බවට අපේක්ෂා කරන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික කටයුතු පිළිබඳ සාකච්ඡා දෙකක් ඊයේ (28) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පළමු සාකච්ඡාව දිස්ත්‍රික් ලේකම්වරුන් හා නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ද එක්ව සිටියා.

මේ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්, සහකාර කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර තවත් හමුවක් ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය සැපැතැම්බර් 24 වන දින අත්සන් තැබුවා.

රජයේ මුද්‍රණාලය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04 වන දා සිට ඔක්තෝබර් 11 දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කොටහේන දැරියගේ මරණය;CCTV දර්ශන ඔස්සේ විමර්ශන

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ...

මුහුද ආරක්ෂා කරන මෙහෙයුම්වලට අනුමැතිය

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

“මේක අලුත් බද්දක් නෙමෙයි” – ඇමති අනිල් ජයන්ත

ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක්  සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.   අද(08) මාධ්‍ය වෙත අදහස්...

POPULAR ARTICLES