24 C
Colombo
Saturday, May 24, 2025

කොතලාවල වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

- Advertisement -

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට වෛද්‍ය උපාධිය සඳහා සම්මත නිර්ණායකයන්ට පටහැනි ලෙස සිසුන් බඳවා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රමුඛ පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, එහිදී අදාල පෙත්සම කරුණු වසන් කරමින් ගොනුකර තිබෙන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන විසින් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි.

එහිදී පෙත්සම්කරුවන් කියා තිබුණේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා සිසුන් බදවා ගැනීමට සුදානම් වන බවට ඉකුත් අප්‍රේල් මස දැන්වීම් පළ කර තිබූ බවත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්ණායකයන්ට පටහැනි ආකාරයෙන් එම තීරණය ගෙන තිබූ බවයි.

මේ තුළින් තමන්ගේත් ජනතාවගේත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සමක් ගොනු කර තිබුණා.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්ම වර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන කරුණට අදාළ නඩුවක් මීට පෙර අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබූ බවත්, ඒ පිළිබඳව පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් නොකොට කරුණු වසන් කිරීමට කටයුතු කර ඇතැයි විරෝධතා මතු කළා.

ඒ අනුව, අදාල පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES