24 C
Colombo
Saturday, May 24, 2025

විපක්ෂයෙන් කෝප් කමිටුවට නම් නොදෙන්න තීරණයක්

- Advertisement -

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙනවා.

ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ‘මව්බිම’ වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, සාමාජිකයන් 31 දෙනෙකුගෙන් සංයුක්ත වන පොදු ව්‍යාපාර කාරක සභාවේ විපක්ෂයට සාමාජිකයන් 12ක නියෝජනයක් ඉල්ලා සිටියත් එය හත් දෙනෙකුට සීමා කිරීම නිසා මෙසේ නම් නොයැවීමට තීරණය කළ බවයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපතිත්වය විපක්ෂයට ලබා දිය යුතු බවට විපක්ෂයේ සිටියදී බලකළ ජනතා විමුක්ති පෙරමුණ මෙම නව පිළිවෙත මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කර ඇති බවටද නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා චෝදනා කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර මහතා පසුගියදා (09) පත්කරනු ලැබුවා.

කෝප් කමිටුවේ එම මංගල හමුවට සහභාගී වී ඇත්තේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු පමණක් බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES