28 C
Colombo
Saturday, April 19, 2025

කොළඹ රථ වාහන ගාල් කිරීම ගැන තීරණයක්

- Advertisement -

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා.

එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

“කොළඹ නගර සීමාව තුළ රථවාහන ගාල් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දැනට පවතින මාර්ගවල කොන්ත්‍රාත්කරුවෙක්, පරිපාලකයෙක් පත්කරන ක්‍රමය වෙනුවට අපි දැන් යම්කිසි කලාපයක් සඳහා කොන්ත්‍රාත්තුවක් එන විදියට කටයුතු සිදුකරමින් පවතිනවා. බොහෝවිට තව මාස 3ක් වගේ ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඒ කලාපය තුළ රථ වාහන ගාල් භාවිත කරන පාරිභෝගිකයින්ට වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මොකද දැනට එක මාර්ගයක රථ නවත්තලා ආසන්නම කාලයේ තව කාලයක් ඉතිරිවෙලා තිබිලා ගාල් කළොත් ඒ ටිකට් එකම භාවිත කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. කලාපය තුළ ක්‍රියාත්මක කිරීමේ දී රියදුරන්ට වාසියක් ලැබෙනවා අදාළ කලාපය තුළ පැයක් වගේ ඇතුළත ස්ථාන දෙක තුනක වුණත් ගාල් කිරීමට හැකියාව ලැබෙනවා.”

රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට අපේක්ෂා කරන බවද මංජුල කුලරත්න මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...